දැක්ම
"ලංකාවේ පොදු සේවා සපයන්නන්ගේ ප්‍රගතශීලිත්වයන්"
මෙහෙවර
"යහපාලන සංකල්පයන් මත මූලික සම්පත් උපරිම ප්‍රයෝජනයට ලක් කරමින් රාජ්‍ය ප්‍රතිපත්ති අනුගමනය කරමින් ජනතාවගේ ජීවන තත්වයන් නගා සිටවිම සදහා යහපත් සේවා දායකයෙක් වීමයි"
.
වෙංගල සෙට්ටිකුලම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ඉතිහාසය
වව්නියාව දිස්ත්‍රික්කයේ බස්නාහිර දිසාවේ වෙංගල සෙට්ටිකුලම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය පිහිටා ඇත. ක්‍රී.ප 3වන සියවසයේ සිට සෙට්ටිකුලම යන නම නම්කර ඇත. ක්‍රී.ප 199වන වසරේදි වීර නාරායනන් සෙට්ටි යන පුද්ගලයෙක් දිවයිනේ බස්නාහිර දිසාවේ රාජ්‍ය කරන ලද අල්ලි රාණි යන රැජිනට මුතු ලබාදීම සදහා කප්පාච්චි යන ගමට පැමිණියා. එහිදි සන්දිර ඊස්වරර් නමැති කොවිලයක් නිර්මාණය කර ඒ වෙනුවෙන් වෞවාලෙයි යන වැවක් ද නිර්මාණය කර ඇත. එම කෝවිලේදි (වෙංගලම්) ලෝකඩයේ නිර්මාණය වූ සිවන් පිළිරුවක් ප්‍රදිස්ටා කර අබලන් වී තිබු වැවක් අළුත්වැඩියා කර සෙට්ටිකුලම යන නම් කර ඇත. (වෙංගල) ලෝකඩ සිවන් පිළිරුවට කැමති වු ජනතාව සෙට්ටිගේ මරණයට පසුව වෙංගල සෙට්ටිකුලම යන නම යොදාගෙන ඇත.
විවිධ රජ්ජුරුවන්ගේ රාජ්‍ය සහ විදේශ ආක්‍රමණයට පසු 1963දී නිර්මාණය කර ආදායම් බදු නියෝජිතයන්ගේ (DRO) පරිපාලනය යටතේ ග්‍රාම සේවා වසම 05ක් සහ 1978 දි ග්‍රාම සේවා වසම 10ක් නිර්මාණය කර ඇත. දැන් මෙම කොට්ඨාශයේ ග්‍රාම සේවා වසම 20 ලෙස නිර්මාණය කරමින් සහකාර දිස්ත්‍රික් ලේකම්ගේ යටතින් පාලනය කරන ලදි. 1992දි නිර්මාණය කරන ලද ප්‍රාදේශිය ලේකම් පරිපාලනය යටතේ දැනුත් පවත්වාගෙන යාම විශේෂ කරුණකි.
කාර්යභාරය ඉටු කර ඇති ප්‍රාදේශිය ලේකම්වරුන්
























